Monday, September 15, 2025

බ්‍රිතාන්‍යයන් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනපති සමාව දෙයි

Must Read

දැනට වසර 109 කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (12)නිකුත් කෙරිණි.

එවකට ලංකාවේ ආන්ඩුකාරවරයා වූ රොබර්ට් චාමර්ස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කළ ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 දින නීති විරෝධී ලෙස මරණයට පත් කළේය.

දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද විය.

බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි.

මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය.

- Advertisement -
- Advertisement -

Latest News

පොප් සංගීතයට ස්වර ඇල්ලූ ක්ලැරන්ස්

විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 අගෝස්තු 03 වෙනිදා හපුතලේ බ්‍රැඩ්ෆටන් වතුයායේ උපන්නේය. ඔහුගේ පියා වෛද්‍යවරයකු ලෙස එම...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img