Thursday, September 18, 2025

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්!

Must Read

කුරුවිට තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියාගේ මරණය ඝාතනයක් බවත් එයට වගකිවයුත්තේ මෙරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ පොලිස් දෙපාර්තමේන්තුව බව කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසනවා.

මාධ්‍ය යනු සීමිත පිරිසකට පමණක් හැසිරවීමට හැකියාව ඇති ඉතා වගකීමෙන් යුත් කේෂ්ත්‍රයක් බවත් මේ වන විට ඇතැම් පුද්ගලයින් එය නොදැනුවත්ම මහජනතාවගේ සිතුවිලිවලට ගරු නොකරන තැනට පත්කර ඇති බවයි ජේෂ්ඨ කතිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

කුරුවිට තරුණියගේ ඝාතනය සිදුකලේ මෙම පොලිස් නිලධාරියා නම් ඔහු ඒ දේ සිදුකළ බවට අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් ඔහු සැකකරුවෙකු පමණක් බවයි කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පෙන්වා දුන්නේ.

” මේ සිදුවීමේදී රටේ මාධ්‍ය හැසිරුණු අයුරු කල්පනා කර බලන්න. පොලිසියත් මෙතැනදී වැරදි. මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා ආගිය ස්ථාන දැක්වෙන CCTV පටයන් මාධ්‍ය වෙත නිකුත් වුනේ කොහොමද? ඒ වගේම මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා තමාගේ දරුවන්ටවත් පෙන්වන්න එපා කියා තිබු අවසන් කැමැත්ත සහිත ලිපිය වෙබ් අඩවිවල පළවුණේ කොහොමද? මේ වගේ දේවල් වලින් අපිට කල්පනා කරලා බලද්දී පේනවා මේ දෙවන මරණයත් ඝාතනයක් කියලා. රටේ මාධ්‍ය හැසිරීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවා කියා කියන්න පුළුවන්” කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ප්‍රකාශ කර සිටියා.

- Advertisement -
- Advertisement -

Latest News

පොප් සංගීතයට ස්වර ඇල්ලූ ක්ලැරන්ස්

විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 අගෝස්තු 03 වෙනිදා හපුතලේ බ්‍රැඩ්ෆටන් වතුයායේ උපන්නේය. ඔහුගේ පියා වෛද්‍යවරයකු ලෙස එම...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img